බ්‍රසීලයේ 200 වන නිදහස් සැමරුම‍ට චීන ජනපති ගෙන් සුබ පැතුම්
2022-09-07 18:57:17
Share with:

බ්‍රසීලයේ 200වන නිදහස් සැමරුමට චීන ජනාධිපතිවරයා සුභ පැතුම් පිරිනමයි. 

චීන ජනාධිපති ෂී ජින්පිං මහාත අද (7) බ්‍රසීල ජනාධිපති Jair Messias Bolsonaro මහතා වෙත සුබ පැතුම් පණිවුඩයක් යොමු කර ඇත. 

බටහිර අර්ධගෝලයේ විශාලතම සංවර්ධනය වෙමින් පවතින රට ලෙස බ්‍රසීලය ස්වාධීනව සාමකාමී සංවර්ධන මාර්ගය ස්ථිර ලෙස අනුගමනය කරමින් ප්‍රාදේශීය හා ජාත්‍යන්තර කටයුතු තුළ වැදගත් කාර්යභාරයක් ඉටු කරන බව හෙතෙම ප්‍රකාශ කළේය.

 නොබෝ කලකට පෙර, ජනාධිපති Jair Messias Bolsonaro මහතා සමඟ තමා බ්‍රික්ස් සංවිධානයේ නායකයින්ගේ 14 වැනි හමුවට සහභාගී වූ අතර, බ්‍රික්ස් සංවිධාන සහයෝගීතාව විශාල ප්‍රතිඵල ලබා ගැනීම ප්‍රවර්ධනය කර ලෝක සාමය හා සංවර්ධනය සඳහා දායක වී ඇති  බවද ෂී ජින්පිං මහතා එහිදී සඳහන් කරයි.

මෑත වසර කිහිපය තුළ, දෙපාර්ශ්වයේ පොදු උත්සාහයන් යටතේ, චීන-බ්‍රසීල සබඳතා ස්ථාවර ලෙස සංවර්ධනය වෙමින් ප්‍රායෝගික සහයෝගීතාවේ ප්‍රතිඵල විශාල ප්‍රමාණයක් ලබා ගෙන ඇත. තමා චීන-බ්‍රසීල සබඳතා වර්ධනය ඉතා වැදගත් කොට සලකන අතර, ජනාධිපති Jair Messias Bolsonaro මහතා සමඟ දෙරටේ සහ ජනතාවගේ ජයග්‍රහණ සඳහා පූර්ණ උපායමාර්ගික හවුල්කාරිත්වයේ සබඳතාව අඛණ්ඩව පුළුල් කිරීමට කැමැත්තෙන් සිටින බව ද ෂී ජින්පිං මහතා පැවසීය.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම