ඇමරිකාව අභ්‍යවකාශ ආරක්ෂාවට හානි වන සේ ක්‍රියා කිරීමෙන් වැළකී සිටිය යුතු බව චීනය කියයි
2022-09-07 19:06:44
Share with:

අභ්‍යවකාශයේ සිය හමුදාමය හැකියාව ශක්තිමත් කරන බව ඇමරිකාවේ නව අභ්‍යවකාශ  ප්‍රතිපත්තිමය ලිපිලේඛනයේ සඳහන් වේ. මේ පිළිබඳව චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශිකා මාඕ නිං මහත්මිය චීනයේ  මතය ඉදිරිපත් කළාය. ඇමරිකාව ජගත් ප්‍රජාවේ පොදු සැලකිල්ලට ගරු කරමින් අභ්‍යවකාශ ආරක්ෂාවට හානි වන සේ ක්‍රියා කිරීමෙන් වැළකී සිය වගකීම් ඉටු කළ යුතු බව ද ඇය කීවාය.

දිගු කලක් පුරා අභ්‍යවකාශය සිය සටන්බිමක් ලෙසින් සලකන ඇමරිකාව අභ්‍යවකාශ හමුදාව හා අභ්‍යවකාශ අණදෙන මූලස්ථානයක් සංවිධාන කර ඇත. අභ්‍යවකාශ ප්‍රහාරක අවි ආයුධ පර්යේෂණය හා අදාල යුද අභ්‍යාසය ද එරට විසින් අඛණ්ඩව සිදු කරන ලදි. මේ පිළිබඳව ඇමරිකාව හා එහි සන්ධාන රටවල් සමග යුදමය සහයෝගතාව ද ශක්තිමත් කර ඇත. එම පියවරයන් ගෙන් තත්ත්වය තියුණු වී ගැටුම් හට ගැනීමේ අවදානම් මතු වූ බව ද මාඕ නිං මහත්මිය කියා සිටියාය.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම