22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය දැනුම් දෙමින් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (06) පාර්ලිමේන්තු හමුවේ පැවසීය.
එම තීරණයේ තවදුරටත් දැක්වෙන්නේ, එම කරුණු තවදුරටත් සංශෝධනය කිරීම කළ යුතු බවත් හෝ පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයක් සහිතව හෝ ජනමත විචාරණයකින් සම්මත කරගත යුතු බවත් ය.
රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් පාර්ශ්ව කිහිපයක් විසින් අධිකරණය හමුවේ පෙත්සම් ගොනුකර තිබිණ.
එම පෙත්සම් අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ විභාගයට ගැණින.