Elizabeth Truss බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ධුරයට
2022-09-06 10:02:57
Share with:

බ්‍රිතාන්‍ය විදේශ ඇමති Elizabeth Truss මහත්මිය පාලක පක්ෂය වන කොන්සර්වේටිව් පක්ෂයේ නව ප්‍රධානියා බවට පත්වෙයි. ඇය ධුරය භාරගැනීම ඊයේ(5) සිදුවිය. බ්‍රිතාන්‍යයේ දෙවන එලිසබෙත් රැජිනගේ අනුමැතිය ලබාගැනීමෙන් පසු Elizabeth Truss මහත්මිය අග්‍රාමාත්‍ය ධුරයට පත්වනු ඇත.

බදු අඩු කිරීම හා ආර්ථීක වර්ධනය නැංවීම ඇතුළු පුළුල් කාර්ය සැලැස්මක් ඉදිරිපත් කරමින් බලශක්ති අර්බුදය ඇතුළු ගැටලු විසඳන බව කොන්සර්වේටිව් පක්ෂයේ ප්‍රධානත්වයට පත් Elizabeth Truss මහත්මිය පැවසුවාය.

මේ අනුව, Margaret Thatcher හා Theresa May ගෙන් පසු, 47 හැවිරිදි Elizabeth Truss බ්‍රිතාන්‍ය ඉතිහාසයේ තුන්වැනි අග්‍රාමාත්‍යවරිය බවට පත්වනු ඇත. පවතින රෙගුලාසිවලට අනුකූලව, ලබන මැතිවරණය දක්වා අග්‍රමාත්‍ය ධුරය දරනු ලබන්නේ පාලක පක්ෂයේ නව ප්‍රධානියා විසිනි.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම