2022 චීන ජාත්‍යන්තර සේවා වෙළඳ ප්‍රදර්ශනය විශිෂ්ට සාර්ථකත්වයක් සමග නිමාවට පත්වෙයි
2022-09-06 13:18:37
Share with:

2022 චීන ජාත්‍යන්තර සේවා වෙළඳ ප්‍රදර්ශනය විවිධ ක්ෂේත්‍රවල වාර්තා 1300කට අධික සංඛ්‍යාවක් සමග විශිෂ්ට සාර්ථකත්වයක් අත්කර ගනී.

"සේවා සහයෝගිතාවයෙන් යුතුව සංවර්ධනය ඉදිරියට ගෙන යමින්, හරිත නවෝත්පාදන අනාගතය පිළිගනිමු" යන තේමාව යටතේ  පැවති ප්‍රදර්ශනය ඊයේ (5) අවසන් විය.

ගෝලීය දරුණු වසංගතය හා මන්දගාමී වර්ධන ලෝක ආර්ථිකය සහ සංකීර්ණ ජාත්‍යන්තර තත්ත්වය හමුවේ පවා මෙවර සේවා වෙළඳ  ප්‍රදර්ශනය විවිධ ආකාරයේ ජයග්‍රහණ 1339 ක් ලබාගෙන ඇත. එහිදී නව නිෂ්පාදන සහ නව තාක්ෂණයන් 100 කට වැඩි ප්‍රමාණයක් පළමු වරට එළිදැක්වුණු අතර, එම සංඛ්‍යාව පෙරට වඩා ඉක්මවා යාමකි.

ඉහළ මට්ටමේ විවෘතභාවය ව්‍යාප්ත කොට ගෝලීය සේවා වෙළඳාමේ සමෘද්ධිය පොදුවේ ප්‍රවර්ධනය කිරීම පිළිබඳ චීනයේ විශ්වාසය හා අධිෂ්ඨානය එම ප්‍රදර්ශනය මගින් යළි පිළිබිඹු කර ඇතැයි චීන වාණිජ අමාත්‍යංශයේ සේවා වෙළෙඳ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ Wang Zhihua මහතා පැවසීය.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම