අය වැය මගින් යෝජිත ව්‍යාපෘති සහ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සමාලෝචනය සඳහා විශේෂ කමිටුවක්
2022-09-06 18:45:54
Share with:

අය වැය මගින් යෝජිත ව්‍යාපෘති සහ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සහ ව්‍යාපෘති කාර්යාල මෙන්ම ව්‍යාපෘති කළමනාකරණ ඒකක සමාලෝචනය සඳහා විශේෂ කමිටුවක් පත් කෙරේ.

සැප්තැම්බර් 02 වනදා පාර්ලිමේන්තුවේ දී සම්මත වූ 2022 අතුරු අය වැය යෝජනාවකට අදාළ රජයේ විවිධ ව්‍යාපෘති සහ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට හෝ ඒ සඳහා පහසුකම් සැලසීමට ස්ථාපිත කරන ලද ව්‍යාපෘති කාර්යාල සහ ව්‍යාපෘති කළමනාකරණ ඒකක සමාලෝචනය සඳහා කමිටුවක් පත් කර තිබේ. 

කේ.ටී. කමල් පද්මසිරි මහතාගේ සභාපතිත්වයෙන් යුත් මෙම කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස එන්.කේ.ජී.කේ. නෙම්මවත්ත, ආර්.එච්. රුවිනිස් යන මහත්වරු පත් කර ඇත.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් අතුරු අය වැය යෝජනා ක්‍රියාවට නැංවීමේ කඩිනම් පියවරක් ලෙස මෙම කමිටුව පත් කර තිබේ.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම