චීනයේ ස්චුවාන් පළාතේ ලූදිං කෝරළයේ භූමිකම්පාවෙන් බරපතල හානි... සහන සේවා අඛණ්ඩව
2022-09-06 09:58:13
Share with:

චීනයේ ස්චුවාන් පළාතේ ලූදිං කෝරළයේ භූමිකම්පාවේ දරුණු ආපදා තත්ත්වය සැලකිල්ලට ගනිමින්, චීන රාජ්‍ය මණ්ඩලයේ භූමිකම්පා සහන විධාන කාර්යාලය සහ චීන හදිසි කළමනාකරණ අමාත්‍යාංශය ජාතික භූමිකම්පා හදිසි ප්‍රතිචාරය දෙවැනි මට්ටම දක්වා ඉහළ නංවා තිබේ.

ඊයේ (5) දහවල් කාලයේ ප්‍රාදේශීය වේලාවෙන් 12:52ට චීනයේ ස්චුවාන් පළාතේ ලූදිං කෝරළයේ හටගත් රිච්ටර් මාපාංක 6.8ක භූමිකම්පාවෙන් බරපතල ජීවිත හානි සිදුව තිබේ. භූමිකම්පා සහන කටයුතු මෙහෙයවීම සඳහා චීන රාජ්‍ය මණ්ඩලයේ භූමිකම්පා සහන විධාන කාර්යාලයේ ක්‍රියාකාරී කණ්ඩායමක්, දෙපාර්තමේන්තු කිහිපයක නිලධාරීන් සමග ඊයේ (5) රාත්‍රියේ ආපදාව සිදුවූ ප්‍රදේශ වෙත පිටත්ව ගියේය.

අද (6) පස්වරුවේ හතරට ස්චුවාන් පළාත් රජය පැවැත්වූ මාධ්‍ය හමුවකදී  භූමිකම්පාවෙන් 66 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූ බව ප්‍රකාශ කෙරිණ.එමෙන්ම ස්චුවාන් පළාත් සෞඛ්‍ය කොමිසමේ දත්ත වලට අනුව, අද පෙරවරු 11 වනවිට තුවාල ලැබූවන් 175 දෙනෙකුට වෛද්‍ය ‍ප්‍රතිකාර ලබා දී තිබේ.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම