මෙරට චීන තානාපතිවරයා ත්‍රිකුණාමලයේ චාරිකාවක
2022-09-06 10:41:19
Share with:

ශ්‍රී ලංකාවේ චීන තානාපති Qi Zhenhong මහතා ත්‍රිකුණාමලයේ සංචාරයක නිරත වෙයි. ඊයේ (5) එහි පැමිණි තානාපතිවරයා මෙරට නැගෙනහිර පළාතේ පාසල්වල දුරස්ථ අධ්‍යාපනය නැංවීම සඳහා, චීනයේ යුනාන් පළාත් රජය ලබාදුන් ස්මාර්ට් ටැබ්ලට් පරිගණක 22 ක් පරිත්‍යාග කළේය. යුනාන් පළාත සහ මෙරට නැගෙනහිර පළාතේ අදාළ දෙපාර්තමේන්තු අතර ක්‍රියාවට නැංවෙන පාසල් සූර්ය වීදි පහන් ව්‍යාපෘතියට සහය දැක්වීමේ අවබෝධතා ගිවිසුම මෙහිදී අත්සන් තැබුණේ Qi Zhenhong තානාපතිවරයා සහ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය විසිනි.

චීනය සහ ශ්‍රී ලංකාව අතර මිත්‍රශීලී සහයෝගිතාව උසස් තලයකට රැගෙන යාම  සඳහා ශ්‍රී ලංකාව සමඟ අත්වැල් බැඳගනිමින් ක්‍රියාකිරීම චීනයේ අපේක්ෂාව බව තානාපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

ශ්‍රී ලංකාවට දක්වන ස්ථිර සහයෝගය සහ පරාර්ථකාමී උපකාර වෙනුවෙන් චීන රජයට සහ ජනතාවට පළාත් ආණ්ඩුකාරවරිය අවංක ස්තුතිය පුද කළාය. විවිධ ප්‍රාදේශීය නියෝජිතයන් මෙහිදී කියාසිටියේ, චීන රජයෙන් සහ ජනතාවගෙන් ලැබෙන පරිත්‍යාගවලින් නැගෙනහිර පළාතේ දුෂ්කරතාවලින් මිදීමට සහ අධ්‍යාපනය නංවාලීමට විශාල සහයෝගයක් ලැබුණු බවයි. එය නැගෙනහිර පළාතේ ජනතාවගේ මතකයේ රැඳෙන බව ද ඔවුහු පැවසූහ.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම