විද්‍යා තාක්ෂණික සංවර්ධනය හා සම්පත් සංරක්ෂණයේ වැදගත්කම චීන ජනපති අවධාරණය කරයි
2022-09-06 20:02:55
Share with:

පරිපූර්ණ ප්‍රතිසංස්කරණ ගැඹුරු කිරීම සඳහා වන චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කමිටුවේ 27 වන රැස්වීම චීන ජනාධිපති ෂී ජින්පිං මහතාගේ ප්‍රධානත්වයෙන් අද(6) පැවැත්විණ.

‘සමාජවාදී වෙළෙඳපොල ආර්ථික ක්‍රමය යටතේ කේන්ද්‍රීය තාක්ෂණයන් ග්‍රහණය කිරීම පිළිබඳ නව ජාතික පද්ධතිය වැඩිදියුණු කිරීමේ යෝජනාව’, ‘සම්පත් සංරක්ෂණ වැඩකටයුතු පුළුල් ලෙස ශක්තිමත් කිරීම පිළිබඳ යෝජනාව’ සහ ‘ග්‍රාමීය ප්‍රදේශවල සෞඛ්‍ය සේවා තවදුරටත් ප්‍රවර්ධනය කිරීම පිළිබඳ යෝජනාව’ ඇතුළු උපදෙස් යෝජනා එම රැස්වීමේදී සාකච්ඡාවට ලක් කිරීමෙන් පසු සම්මත කෙරිණ.  

ෂී ජින්පිං මහතා එහිදී අවධාරණය කළේ, ප්‍රධාන මෙහෙවර කෙරෙහි සාමූහික උත්සාහයන් දැරිය හැකි වීම පිළිබඳ සමාජවාදී ක්‍රමයේ කැපී පෙනෙන ප්‍රතිලාභ පූර්ණ ලෙස විදහා පාමින් ප්‍රධාන විද්‍යාත්මක තාක්ෂණික නවෝත්පාදනය කෙරෙහි චීන කොමියුනිස්ට් පක්ෂයේ හා රටේ නායකත්වය ශක්තිමත් කළ යුතු බවයි. 

වෙළඳපොල යාන්ත්‍රණයේ කාර්යභාරය පූර්ණ ලෙස ප්‍රවර්ධනය කරමින්, ජාතික උපායමාර්ගික අවශ්‍යතා කේන්ද්‍ර කර ගෙන සම්පත් සැකසීම යහපත් කරමින්, විද්‍යාත්මක හා තාක්‍ෂණික ක්ෂේත්‍රය මුහුණ පා ඇති ප්‍රධාන ගැටළු විසඳීමේ පද්ධතිමය හැකියාව වැඩි දියුණු කළ යුතු ය. වැදගත් ක්ෂේත්‍ර කිහිපයක තරඟකාරී වාසී අත්කර ගෙන උපායමාර්ගික ප්‍රමුඛත්වයන් දිනා ගත යුතු බව ද හෙතෙම එහිදී පැවසීය.

නව සංවර්ධන සංකල්පය සම්පූර්ණයෙන්, නිවැරදිව හා සවිස්තරාත්මකව ක්‍රියාත්මක කළ යුතු ය. සමස්ත ආර්ථික හා සමාජීය සංවර්ධන ක්‍රියාවලිය තුළ සහ සෑම ක්ෂේත්‍රයකම සම්පත් ඉතිරි කිරීම සඳහා පියවර ගත යුතුය. ග්‍රාමීය ජනතාවට වඩාත් සාධාරණ,  සහ ක්‍රමානුකූල මෙන්ම අඛණ්ඩ වෛද්‍ය සේවා ලබා ගැනීම සඳහා  ගම්මාන තත්ත්වයන්ට අනුකූල වන, ඉහළ ගුණාත්මකභාවයෙන් යුතු කාර්යක්ෂම ග්‍රාමීය වෛද්‍ය සේවා පද්ධතියක් වැඩිදියුණු කළ යුතු බව ද එහිදී අවධාරණය කෙරිණ.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම