චීනය ආසියාන් රටවල් සමග සබඳතා තවදුරටත් ප්‍රවර්ධනයට අපේක්ෂා කරයි
2022-09-06 18:34:18
Share with:

ඉන්දුනීසියාවේ Jakarta-Bandung අධිවේගී දුම්රිය මාර්ගය හා චීන-ලාඕස දුම්රිය මාර්ගය, චීනය හා ආසියාන් රටවල් අතර අන්‍යෝන්‍ය ප්‍රතිලාභී සහයෝගතාව පැවැත්වීමේ මනා නිදසුන් බව චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශිකා මාඕ නිං මහත්මිය පවසයි.

මාඕ නිං මහත්මිය එසේ පැවසුවේ අද(6) බෙයිජිංහි පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු නැගූ අදාල ප්‍රශ්නයකට පිලිතුරු දෙමිනි.

Jakarta-Bandung අධිවේගී දුම්රිය මාර්ගය හා චීන-ලාඕස දුම්රිය මාර්ගය එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ ඉදිරිපත් කර ගතවූ වසර නවය තුළ චීනය හා ආසියාන් රටවල් සමග පොදු සාකච්ඡාව, පොදු සංවර්ධනය හා පොදුවේ බෙදා ගැනීමේ මූලධර්මයට අනුව අන්‍යෝන්‍ය ප්‍රතිලාභී සහයෝගතා පැවැත්වීමේ සැබෑ නිදසුන් බව ඇය පැවසුවාය.

චීනය හා ආසියාන් රටවල් භූගෝලීය වශයෙන් මෙන්ම, පොදු ඉරණමකින් ද බැඳී ඇත. පොදු සමෘද්ධිය ඉටු කරමින් වඩාත් සමීප වන චීන ආසියාන් ප්‍රජාවක් ගොඩනැගීමට දායකවීම සඳහා, චීනය එහි විවිධ රටවල් සමග එක්ව එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළට අදාල සහයෝගතා, ඉහල ගුණාංගයෙන් සංවර්ධනය කිරීම ප්‍රවර්ධනය කිරීමට කැමති බව මාඕ නිං මහත්මිය ප්‍රකාශ කළාය. 

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම