සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කඩිනම් ප්‍රතිපත්තිමය වෙනසක්
2022-09-05 15:29:39
Share with:

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කඩිනම් ප්‍රතිපත්තිමය වෙනසක් අවශ්‍ය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සමග පැවති සාකච්ඡාවක දී වික්‍රමසිංහ මහතා මේ බව අවධාරණය කර තිබේ. දිවයිනේ පවතින ඖෂධ හිඟය පිළිබඳව සොයා බැලීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පත්කළ ත්‍රිපුද්ගල කමිටු වාර්තාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත භාර දීම පසුගියදා ජනාධිපති කාර්යාලයේ දී සිදු කෙරිණ. සෞඛ්‍ය ක්ෂේත්‍රයට සහ වෛද්‍යවරුන්ට මුහුණදීමට සිදුව ඇති ගැටලු සම්බන්ධයෙන් ද එම සාකච්ඡාවේදී අවධානය යොමු විය. ඖෂධ හිඟය සහ ඖෂධ මිල ඉහළ යාම හේතුවෙන් ජනතාව පත්ව ඇති අසීරුතාව සමනය කිරීමට කඩිනම් ක්‍රමවේදයක් අවශ්‍ය බව එහිදී අවධාරණය කළ වික්‍රමසිංහ මහතා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවත්නා අනෙකුත් අවශ්‍යතා පිළිබඳව ද ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇතුළු ආයතන සමග සාකච්ඡා කරන බව ද පැවසීය.

ගුවන් විදුලිය
20240422සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම