චීන මාධ්‍ය සමූහය, 2024 පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ වැඩිම පොදු සංඥා නිෂ්පාදනය භාර ජාතික රූපවාහිනි හා ගුවන් විදුලි ආයතනය බවට පත් වේ
2022-09-05 22:20:07
Share with:

චීන මාධ්‍ය සමූහය, 2024 පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ ඉසව් කිහිපයක ජාත්‍යන්තර පොදු සංඥා නිෂ්පාදන ආයතනය බවට පත් වේ.ඒ අනුව  ජිම්නාස්ටික්ස්, මේස පන්දු, බැඩ්මින්ටන් හා පර්වත තරණය යන තරග ඉසව්වල ජාත්‍යන්තර පොදු සංඥා නිෂ්පාදනය චීන මාධ්‍ය සමූහය විසින් සිදු කරනු ලබයි.

අද(5) චීන මාධ්‍ය සමූහය හා ජාත්‍යන්තර ඔලිම්පික් විකාශන සේවා ආයතනය අදාල සහයෝගතා ගිවිසුමට අත්සන් තැබීය. ඒ අනුව චීන මාධ්‍ය සමූහය, පැරිස් ඔලිම්පික්‍ ක්‍රීඩා උළෙලේ, වැඩිම පොදු සංඥා නිෂ්පාදන ව්‍යාපෘති භාර  ජාතික රූපවාහිනි හා ගුවන් විදුලි ආයතනය බවට පත් වේ. චීන මාධ්‍ය සමූහයේ අධ්‍යක්ෂ ‍ජනරාල් ෂෙන් හයිෂියොන්ග් මහතා හා ඔලිම්පික් විකාශන සේවා ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී Yiannis Exarchos මහතා මාර්ගගත ආකාරයෙන් ගිවිසුම අත්සන් තැබීමේ උළෙලට එක්වූහ. 

චීන මාධ්‍ය සමූහය, පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ ජාත්‍යන්තර සංඥා නිෂ්පාදන ආයතනයක් බවට පත්වීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු සභාපති Thomas Bach මහතා සුබ පැතුම් පිරිනමා ඇත.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම