චීන-ඇමරිකානු වෙළඳ සහ තාක්ෂණ හුවමාරුවට සිදු කෙරෙන බාධාවන්ගෙන් ඇමරිකාවට හානි සිදුවනු ඇතැයි චීනය පවසයි
2022-09-05 16:33:10
Share with:

චීන-ඇමරිකානු වෙළඳ සහ තාක්ෂණ හුවමාරුවට සිදු කෙරෙන බාධාවන්ගෙන් ඇමරිකාවට හානි ගෙන දෙනු ඇතැයි චීන විදේශ අමාත්‍යංශය පවසයි.

චීනයේ තාක්ෂණ සමාගම් කෙරෙහි ආයෝජන සීමා පැනවීම් පිළිබඳ නීතිය ඇමරිකාව සාකච්ඡා කරමින් සිටින බව වාර්තා වෙයි. ඒ පිළිබඳව චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශිකා Mao Ning මහත්මිය අද (5) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී පැවසුවේ, තාක්ෂණය භාවිත කළ යුත්තේ වෙනත් රටවල සංවර්ධනයට බාධා පැනවීම වෙනුවට, සමස්ත මානව වර්ගයාට ප්‍රතිලාභ ලබා දීමට බවයි. ඇමරිකාවේ ක්‍රියාව, වෙළඳපොළේ මූලධර්මය හා ජාත්‍යන්තර වෙළඳ නීතිය උල්ලංඝනය කිරීමක් බවත්, ඇමරිකාවේ ව්‍යවසායක පරිසරය කෙරෙහි ජාත්‍යන්තර ප්‍රජාවගේ විශ්වාසය ඉන් අඩුවන බවත්, ඇමරිකාවට එමගින් හානි සිදුවනු ඇති බවත් ඇය පෙන්වා දුන්නාය. චීන රජය අඛණ්ඩව සිය රටේ සමාගම්වල සාධාරණ අයිතීන් ස්ථිර ලෙස ආරක්ෂා කරන බව ද Mao Ning මහත්මිය අවධරණය ක‍ළාය.


ගුවන් විදුලිය
20240417බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම