ස්චුවාන්හී භූමි කම්පා සහන කටයුතු කඩිනමින්
2022-09-05 16:51:24
Share with:

 අද(5) දහවල් කාලයේ ප්‍රාදේශීය වේලාවෙන් 12:52ට චීනයේ ස්චුවාන් පළාතේ ලූදිං කෝරළයේ රිච්ටර් මාපාංක 6.8ක භූකම්පාවක් සිදු විය.ඉන් මේවන විට වාර්තා වී ඇති ජීවිත හානි ගණන 14 කි. මාර්ග, සන්නිවේදන පහසුකම් හා නිවාසවලට සිදුව ඇති හානි පරීක්ෂණය කෙරෙමින් පවතී.

ප්‍රාදේශීය ආපදා කටයුතු අණදෙන අංශය හදිසි ප්‍රතිචාර සැලසුම් ආරම්භ කර  ජීවිත බේරා ගැනීම, තුවාලවූවන්ට ප්‍රතිකාර කිරීම,  පසු කම්පන නිරීක්ෂණය හා නායයාම් වැළැක්වීම හා විපත් තත්ත්වය පරීක්ෂා  කිරීමට පියවර ගනිමින් සිටී. විපතෙන් බලපෑමට ලක්ව  සිටින ජනතාව  ආරක්ෂිත ස්ථානවල රැඳවීමට ද පියවර ගෙන තිබේ.

සන්නද්ධ පොලීසිය, ගිනි නිවන අංශ, සෞඛ්‍ය සේවකයින්, සන්නිවේදන සේවකයින්, ගමනාගමන සේවයකින් ඇතුළු පිරිස් ආපදා සහන කටයුතුවලට යොදවා තිබේ. සහන සේවාවන්හි නිරත පුද්ගලයින් 300 දෙනෙක් භූමි කම්පාවේ අපිකේන්ද්‍රය පිහිටි  ප්‍රදේශයට ළඟාවී ආපදා කටයුතු සඳහා මාර්ගයක් සාදා ඇත. ඩ්‍රෝන තාක්ෂණය යොදා ගනිමින් කළ නිරීක්ෂණයන්‍ට අනුව ඇතැම් ජන නිවාසවල හානි තත්ත්වයක් වාර්තාවී ඇත.  

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම