උතුරු කොරියානු පර්යේෂණ ආයතනයක් ඇමරිකා-දකුණු කොරියා ඒකාබද්ධ යුද අභ්‍යාස විවේචනය කරමින් වාර්තාවක්
2022-09-05 10:56:21
Share with:

උතුරු කොරියානු පර්යේෂණ ආයතනයක් ඇමරිකා-දකුණු කොරියා ඒකාබද්ධ යුද අභ්‍යාස විවේචනය කරමින් වාර්තාවක් ප්‍රකාශයට පත් කරයි.

යුධ අභ්‍යාස පෙර නොවූ විරූ සතුරු ක්‍රියාවක් වන අතර එය කොරියානු අර්ධද්වීපයේ තත්ත්වය යුද්ධයක අද්දරට තල්ලු කිරීමට උත්සාහයක්  බව උතුරු කොරියානු ජාත්‍යන්තර දේශපාලන අධ්‍යයන සංගමය ඊයේ(4) වාර්තාවක් නිකුත් කරමින් කියා සිටියේ‍‍ය.

පසුගිය අගෝස්තු 22 දා සිට මේ මස 1 දක්වා, දකුණු කොරියානු සහ ඇමරිකානු හමුදා වසරේ දෙවන භාගයේ ඒකාබද්ධ යුද අභ්‍යාසය පවත්වා තිබේ.

ඇමරිකා-දකුණු කොරියා ඒකාබද්ධ යුද අභ්‍යාස යනු කොරියානු අර්ධද්වීපය අඛණ්ඩ කැලඹීමට සහ න්‍යෂ්ටික යුද්ධයක අද්දරට  තල්ලු කිරීමක් වැනි ඇති භයානක ප්‍රකෝපකාරී ක්‍රියාවක් වන අතර එය උතුරු හා දකුණු කොරියාව අතර ජාතික සංහිඳියාව, සමගිය සහ කොරියානු අර්ධද්වීපයේ සාමය සාක්ෂාත් කර ගැනීමට ඇති ප්‍රධාන බාධාව බව එම අධ්‍යයන සංගමය පෙන්වා දුන්නේය.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම