ජීවිත ආරක්ෂාවට මුල්තැන දෙමින් භූ කම්පා සහන කටයුතු ක්‍රියාත්මක කරන ලෙසට චීන ජනපතිගෙන් උපදෙස්
2022-09-05 21:44:03
Share with:

අද(5) දහවල් කාලයේ ප්‍රාදේශීය වේලාවෙන් 12:52ට චීනයේ ස්චුවාන් පළාතේ ලූදිං කෝරළයේ රිච්ටර් මාපාංක 6.8ක භූකම්පාවක් සිදු විය.ඉන් මේවන විට වාර්තා වී ඇති ජීවිත හානි සංඛ්‍යාව 21 කි. තුවාල ලැබූ පිරිස 30කට අධිකය. ඇතැම් ජල සැපයුම්, විදුලි බල, ගමනාගමන හා සන්නිවේදන පහසුකම් වලට ද හානි සිදුව තිබේ.

ස්චුවාන් පළාතේ ලූදිං කෝරළයේ භූමිකම්පාවෙන් පසු අදාළ සහන කටයුතු පිළිබඳව චීන ජනාධිපති ෂී ජින් පිං මහතා වැදගත් උපදෙස් ලබා දී ඇත. ජීවිත බේරා ගැනීම මූලික කාර්යය  ලෙස සලකා ක්‍රියා කරන මෙන් හෙතෙම නියෝග කර තිබේ. විපතට පත් ජනතාව බේරා ගැනීමට සෑම උත්සාහයක්ම ගන්නා ලෙසටත්,  තුවාල හා මරණ සංඛ්‍යාව අවම කර ගැනීමට උපරිමයෙන් ක්‍රියා කරන ලෙසටත් හෙතෙම අදාළ අංශ වෙත දැනුම් දී තිබේ. මේ අතර පසු කම්පනයන් ගෙන් සිදුවිය හැකි හානි වැළැක්වීමට භූකම්පා තත්ත්ව අධීක්ෂණය ශක්තිමත් කළ යුතු අතර, ගලවාගැනීමේ කටයුතු මනා ලෙස සිදු කළ යුතු බව ද ඔහු අවධාරණය කර ඇත. විශේෂ සේවා කණ්ඩායම් ස්චුවාන් පළාතට යවා එහි සහන කටයුතුවලට දායක වන ලෙසටද චීන ජනාධිපතිවරයා විසින් හදිසි කළමනාකරණ දෙපාර්තමේන්තුව ඇතුළු අංශවලට උපදෙස් දී තිබේ. චීන මහජන විමුක්ති හමුදාව හා සන්නන්ධ පොලීසිය, සිවිල් අංශවල ආපදා කටයුතු සඳහා සම්බන්ධීකරණයෙන් ක්‍රියා කළ යුතු අතර, ජනතාවගේ ජීවිත හා දේපල ආරක්ෂාව උපරිම අන්දමට සහතික කළ යුතු බවට ද ෂී ජින්පිං මහතා උපදෙස් දී තිබේ. 

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම