ශ්‍රී ලංකාව සඳහා ණය සහන ඇරඹීමට පැරිස් සමාජය සූදානම්
2022-09-04 18:03:27
Share with:

ශ්‍රී ලංකාව සඳහා ණය සහන ක්‍රියාවලිය ආරම්භ කිරීමට සූදානම් බව පැරිස් සමාජ සාමාජිකයෝ පවසති.  නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් මේ බව දැනුම් දී ඇත.

ණය පිළියම් පටිපාටියක් ආරම්භ කිරීමට පැරිස් සමාජය සූදානමින් සිටින අතර, කාලෝචිත පරිදි මූල්‍ය රක්ෂණ සැපයීම සහ මූල්‍ය සහතික කිරීම් ලබාදීමට අවශ්‍ය සම්බන්ධීකරණ සඳහා කැමැත්ත එම නිවේදනය මගින් පළකර තිබේ.

දීර්ඝ කළ ණය පහසුකම් යටතේ, මාස 48ක සැලැස්මක් සඳහා ශ්‍රී ලංකා රජය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එළඹුණු නිලධාරි මට්ටමේ ගිවිසුම ද පැරිස් සමාජය විසින් පිළිගනු ලැබ ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ය.

සාර්ව ආර්ථික ස්ථාවරත්වය සහ රාජ්‍ය ණය තිරසරභාවය පවත්වාගෙන යාම සඳහා වූ වැදගත් පියවර මෙම ගිවිසුමෙහි අන්තර්ගත වේ.

ගුවන් විදුලිය
20240417බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම