Zaporizhzhia න්‍යෂ්ටික බලාගාරයේ ප්‍රධාන සම්ප්‍රේෂණ මාර්ගයට යළිත් බාධා
2022-09-04 17:52:54
Share with:

යුක්රේන කාර්ය මණ්ඩලයට අනුව, Zaporizhzhia න්‍යෂ්ටික බලාගාරයේ ප්‍රධාන සම්ප්‍රේෂණ මාර්ගයට නැවතත් බාධා වී ඇති බව, ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය පවසයි. ඊයේ(3) මේ බව ප්‍රකාශ කෙරිණ. දැනට බාහිර ජාලයට විදුලිය සැපයෙන්නේ උපස්ථ රේඛාවක් ඔස්සේයි.

රුසියානු TASS පුවත් ඒජන්සිය ඊයේ(3) වාර්තා කළේ, රුසියානු දේශසීමා ආසන්නයේ ජීව විද්‍යාත්මක රසායනාගාර 50 කට වඩා පවතින අතර, ඒවා ඇමරිකාවේ පෙන්ටගනය විසින් සැපයෙන අරමුදල් මගින් නවීකරණය  හා පාලනය කෙරෙන බවයි.

නිම නොකළ ජීව විද්‍යාත්මක පර්යේෂණ වැඩසටහන, යුක්රේනයේ සිට බල්ගේරියාව සහ චෙක් ජනරජය යන රටවලට හැකි ඉක්මණින් මාරු කිරීමට, පෙන්ටගනය සැලසුම් කරන බව ද, එම පුවත් වාර්තාවේ දැක්වේ.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම