චීන රජයේ ඉහළ නියෝජිතයෙක් රුසියාව ඇතුළු රාජ්‍ය කිහිපයක නිල සංචාරයක
2022-09-04 18:04:14
Share with:

චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති Li Zhanshu මහතා  රුසියාව, මොංගෝලියාව, නේපාලය හා දකුණු කොරියාව ඇතුළු රටවල නිල සංචාරයක නිරත වෙයි.

ඒ අනුව, ලබන 7 වනදා සිට 17 වනදා දක්වා, චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපතිවරයා රුසියාව, මොංගෝලියාව, නේපාලය හා දකුණු කොරියාව යන රටවල නිල සංචාරයක නිරත වනු ඇත.

ඒ අතරතුර හෙතෙම රුසියාවේ පැවැත්වෙන 7 වන නැගෙනහිර ආර්ථික සාකච්ඡා සභාවේ පූර්ණ සැසිවාරයට සහභාගි ‍වීමට ද නියමිත ය.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම