හිටපු ජනාධිපති දිවයිනට පැමිණෙයි
2022-09-03 18:33:33
Share with:

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා යළි දිවයිනට පැමිණෙයි. ඒ, තායිලන්තයේ සිට, සිංගප්පූරු ගුවන් සේවයට අයත් යානයකින් ඊයේ (03) රාත්‍රියේ යි. රාජපක්ෂ මහතා වෙනුවෙන් දැඩි ආරක්ෂාවක් සපයා තිබිණ. 

පසුගිය කාලයේ රටේ ඇති වූ ආර්ථික අර්බුදයත් සමග ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලනය සම්බන්ධයෙන් ජනතාව දිගින් දිගටම විරෝධය පළකළ අතර, ඔවුන් ඉල්ලා සිටියේ, රාජපක්ෂ මහතාට ජනාධිපති ධුරයෙන් ඉවත් වන ලෙසයි. එහි උච්චතම අවස්ථාව පසුගිය ජූලි 9 වැනිදා උදාවූ අතර, අරගලකරුවෝ ජනාධිපති මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය සහ අරලියගහ මන්දිරය ඔවුන්ගේ අණසකට නතු කරගත්හ.

එම අවස්ථාවේදී අරගලකරුවන් සහ ආරක්ෂක අංශ අතර ගැටුමක් ඇති නොවන අයුරින් දිවයිනෙන් බැහැර ව ගිය ගෝඨාභය රාජපක්ෂ මහතා ජුලි 13 වැනිදා  මාලදිවයිනට පැමිණියේය. අනතුරුව තමා ජනාධිපති ධූරයෙන් ඉවත් වන බවට වූ ලිපිය ඔහු එවා තිබුණේ සිංගප්පූරුවේ සිට ජූලි 14 වැනිදා යි. දින ගණනාවක් සිංගප්පූරුවේ රැඳී සිටි රාජපක්ෂ මහතා තායිලන්තයට පැමිණියේ, පසුගිය අගෝස්තු 11 වැනිදායි.

මේ අතර, විවිධ දේශපාලන පක්ෂ හා විවිධ පාර්ශ්ව රාජපක්ෂ මහතාට ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා අවශ්‍ය ආරක්ෂාව ලබාදෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා තිබිණ. ඒ අනුව, ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අයෝමා රාජපක්ෂ මහත්මිය ඊයේ (2) මෙරටට පැමිණියහ.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම