චීනයේ ෂින්ජ්‍යං ප්‍රදේශය පිළිබඳව ජගත් මානව හිමිකම් කොමසාරිස් කාර්යාලය නිකුත් කළ වාර්තාවට චීනයේ දැඩි විරෝධය
2022-09-03 17:36:09
Share with:

චීනයේ ෂින්ජ්‍යං ප්‍රදේශය පිළිබඳව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස් කාර්යාලය නිකුත් කළ වාර්තාවට චීනය දැඩි විරෝධය පළකරයි.

චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක චාඕ ලි චියෙන් මහතා ඊයේ (02) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී එම වි‍රෝධය පළ කර තිබේ. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලය නිකුත් කළ එම වාර්තාව අසත්‍ය තොරතුරුවලින් පිරි, කිසිදු පදනමක් ‍නොමැති වාර්තාවක් බව ඔහු එහිදී පෙන්වා දුන්නේ ය. ඇමරිකාව ඇතුළු බටහිර රටවල් දේශපාලන අරමුණු මූලික කරගෙන චීනයට එරෙහිව සකස් කරන ලද එම වාර්තාව මගින්, ජගත් මානව හිමිකම් මහකොමසාරිස් කාර්යාලය ඇමරිකාව ප්‍රමුඛ බටහිර බලවතුන්ගේ හවුල්කරුවෙකු බවට පත්ව ඇතැයි පිළිබිඹු වන බව චාඕ ලි චියෙන් මහතා කියා සිටී.

ෂින්ජ්‍යං යනු චීනයේ අභ්‍යන්තර කටයුත්තක් බවත්, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලය අනවසරයෙන් ෂින්ජ්‍යං පිළිබඳ වාර්තාවක් නිකුත් කිරීම නුසුදුසු බවත්, පසුගිය දා රටවල් 60කට වැඩි සංඛ්‍යාවක් එම කාර්යාලයට ලිපියක් යොමු කරමින් පවසා ඇත. ජගත් මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලය අනවසරයෙන් සත්‍යය මත පදනම් නොවූ එවන් වාර්තාවක් නිකුත් කිරීම පිළිබඳව දැඩි අප්‍රසාදය පළ කරමින් චීන හා විදේශ රාජ්‍ය නොවන සංවිධාන 1000කට වැඩි සංඛ්‍යාවක් එම කොමසාරිස් කාර්යාලයට ලිපි යොමු කර තිබේ.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම