නෙළුම් කුළුණේ මෙහෙයුම් ලබන 15 වැනිදා ඇරඹෙයි
2022-09-03 18:35:36
Share with:

දකුණු ආසියාවේ උසම ගොඩනැගිල්ල වන නෙළුම් කුළුණේ මෙහෙයුම් ලබන 15 වැනිදා ආරම්භ කෙරේ.

එහි ඉදිකිරීම් චීන සමාගමක් විසින් 2012 වසරේ දී ආරම්භ කෙරිණ. 2022 පෙබරවාරි 28 වැනිදා ඉදිකිරීම් අවසන් කෙරුණු එය ශ්‍රී ලංකාවට භාර දෙනු ලැබීය.

ව්‍යාපෘතිය සඳහා වැය වූ මුදල ඇමරිකානු ඩොලර් කෝටි 11 කට ආසන්න ය. චීන සමාගම විසින් ඇමරිකානු ඩොලර් 8 කෝටි 86 ලක්ෂයක් සපයනු ලැබූ අතර ඉතිරිය ශ්‍රී ලංකා රජය යොදවා තිබේ. මෙහි ණය වාරික 2024 වනවිට ගෙවා නිම කිරීමට අපේක්ෂිතයි. ඉන් ඩොලර් 6 කෝටි 63 ලක්ෂයක් දැනටමත් ගෙවා අවසන්ය.

මෙහෙයුම් ආරම්භ කිරීමත් සමග ඕනෑම අයෙකුට ප්‍රවේශපත්‍රයක් ගෙන නෙළුම් කුළුණ නැරඹිය හැකි වේ.

මෙරට වේගවත්ම විදුලි සෝපාන තුන ඇත්තේ ද නෙළුම් කුළුණේයි.

ගුවන් විදුලිය
20240420සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම