ආසියාව සාමුහිකව ඒකරාශී වීම බටහිර මැදිහත්වීම් වැළැක්වීමට ඇති හොඳම විසඳුමයි
2022-09-02 10:46:13
Share with:

21 වන සියවසේ ජාත්‍යන්තර දේශපාලනය සහ ආර්ථිකය තුළ ආසියානු කලාපය ඉතා වැදගත් භූමිකාවක් ඉටු කරයි. අනාගතයේ මෙම කලාපය ලෝක ක්‍රමය තුළ තීරණාත්මක සාධකයක් බවට පත් වනු ඇත. එහෙයින් ලෝකයේ යම් බලවත් රටවල් සිය අණසකට මෙම කලාපය නතු කර ගැනීමට උත්සාහ දැරීමක් දැකිය හැකි බව ශ්‍රී ලංකා සබරගමු විශ්වවිද්‍යාලයේ සමාජීය විද්‍යා අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ප්‍රදීප් උලුවඩුගේ මහතා පවසයි. ඒ හරහා බටහිර බලපෑම සීඝ්‍රයෙන් ආසියානු කලාපය තුළ වර්ධනය වීම මෙම කලාපයේ රටවල පැවැත්මට ද තර්ජනයක් වී  තිබේ.

වර්තමානයේ චීනයේ ආර්ථික සහ දේශපාලන හැකියාව මත අනාගත ලෝකය තුළ චීනය ලෝකයේ ඉදිරි ප්‍රගමනයට වඩා වැඩි දායකත්වයක් ලබා දෙනු ඇති බවට විශ්වාස කළ හැක. එහෙයින් චීනයේ සංවර්ධනයට බාධා කිරීමට ද යම් රටවල් උත්සාහ කරමින් සිටී. අතීතයේ සිටම ආසියානු කලාපය සාමකාමීව සිය දේශපාලන සබඳතා පවත්වා ගෙන ගොස් ඇත. එහෙත් බටහිර බලපෑම් හරහා මෙම සබඳතාව බිඳ දැමීමට යම් යම් මැදිහත්වීම් සිදු කර ඇත. ආසියානු කලාපයට මෙම බලපෑම සිදු කිරීමට උපක්‍රමිකව ඉන්දියාව යොදා ගන්නේ ද යන සැකයක් මතු වන බව ද උලුවඩුගේ මහතා කියා සිටී.

ආසියානු කලාපයේ පවතින කුඩා රටවලට සිය ස්වාධීනත්වය අහිමිව ඇත්තේ මෙම බටහිර මැදිහත්වීම නිසා බව ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයා කියා සිටී. එපමණක් නොව එම රටවලට ජාත්‍යන්තර සබඳතා පවත්වා ගෙන යාමට ද බාධා එල්ල වී ඇත.

චීනයේ සංවර්ධනීය හැකියාවන් හඳුනාගෙන ආසියානු කලාපයේ අන් රටවල් චීනය සමග සංගතභාවයක් පවත්වා ගෙන යාම වඩා වැදගත් වේ. ඒ හරහා බටහිර මැදිහත්වීම අවම කර ගැනීමට හැකියාව ලැබෙනු ඇත. ආසියානු කලාපය සිය ආර්ථික සහ වෙළෙඳ ශක්‍යතාවයන් නිවැරදිව විශ්ලේෂණය කොට සාමුහිකව ඒකරාශී වීම මෙම බටහිර මැදිහත්වීම පාලනය කිරීමට පවතින තිරසර විසදුමක් බව ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ප්‍රදීප් උලුවඩුගේ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම