ඉන්ධන හිඟය හේතුවෙන් ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට අමතර පාඩුවක්
2022-09-02 18:37:09
Share with:

තෙල් සංස්ථාව ගුවන්යානා ඉන්ධන සපයා නොදීම හේතුවෙන් ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට මසකට ඇමෙරිකානු ඩොලර් මිලියන හතක අමතර පාඩුවක් සිදුවෙයි. ඒ, ගුවන්යානාවලට අවශ්‍ය ඉන්ධන ඉන්දියාවෙන් ලබා ගැනීමට සිදුවීම නිසාය.

ඉන්ධන මිල දී ගැනීම සඳහා ඉන්දියාවට යාමට ඒමට යන වියදම, ඉන්ධන පිරිවැය හා යානා ක්ෂය වීම හේතුවෙන් මෙම පාඩුව සිදුවන බවට ගණන් බලා ඇත.

දිනකට ගුවන්යානා ඉන්ධන ලීටර් ලක්ෂ පහමාරක් පමණ අවශ්‍ය වන බව බලධාරීහු පවසති.

 

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම