ජගත් ආරක්ෂක මණ්ඩලයේ වාරික සභාපතිත්වය දරමින් සිය කාර්යභාරය මැනවින් ඉටුකළ චීනය
2022-09-02 20:30:23
Share with:

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ අගෝස්තු මස වාරික සභාපති රට වශයෙන් චීනය සිය වගකීම මැනවින් ඉටුකරයි.

චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක චාඕ ලි චියෙන් මහතා අද (02) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී මේ බව පැවසීය. චීනය එම වාරික සභාපතිත්වය බාර ගත්තේ එක්සත් ජාතීන්ගේ සංවිධානය 77වැනි මහා සම්මේලනය පැවැත්වීමට සූදානම් වූ අවස්ථාවේදී ය. පසුගිය අගෝස්තු මාසයේ ආරක්ෂක මණ්ඩලයේ වාරික සභාපති රට වශයෙන්, චීනය සෙසු සාමාජික රටවල් සමග එක්ව උණුසුම් දේශපාලන ප්‍රශ්න විසඳීමටත් ලෝක සාමය හා ස්ථාවරත්වය රැකගැනීමටත් වගකීම් සහගත ව හා නම්‍යශීලි ව කටයුතු කර ඇතැයි චාඕ ලි චියෙන් මහතා එහිදී කියා සිටියේ ය. ඉදිරියේදී චීනය සෙසු රටවල් සමග අත්වැල් බැඳගනිමින් පොදු ඉරණමක් සහිත ජගත් ප්‍රජාවක් ගොඩ නැගීමට අඛණ්ඩ ව උත්සාහ දරනු ඇතැයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය.

 

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම