2022 චීන ජාත්‍යන්තර සේවා වෙළඳ ප්‍රදර්ශනයට එක්වන රටවල් 10ක් ප්‍රථම වරට තම රටවල නම්වලින් ප්‍රදර්ශන අරඹයි
2022-09-02 15:09:47
Share with:

2022 චීන ජාත්‍යන්තර සේවා වෙළඳ ප්‍රදර්ශනයේදී රටවල් 10ක් ප්‍රථම වරට තම රටවල නම්වලින් ප්‍රදර්ශන ආරම්භ කරති.

"සේවා සහයෝගීතාවයෙන් යුතුව සංවර්ධනය ඉදිරියට ගෙන යමින්, හරිත නවෝත්පාදන අනාගතය පිළිගනිමු" යන තේමාව යටතේ 2022 චීන ජාත්‍යන්තර සේවා වෙළඳ ප්‍රදර්ශනය බෙයිජිං අගනුවර දී පැවැත්වේ. ඒ සඳහා දෙස් විදෙස් සම්භාවනීය අමුත්තෝ 189 දෙනෙක් එක්ව සිටිති. රටවල් හා ජාත්‍යන්තර සංවිධාන 71ක් තම රටවල හා මූලස්ථාන නාම සහිතව ප්‍රදර්ශනයට එක්ව ඇත. මේ යටතේ, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ස්විට්සර්ලන්තය හා බුරුන්ඩි යනාදී රටවල් 10ක් ප්‍රථම වතාවට තම රටේ නමින් ප්‍රදර්ශන ආරම්භ කර තිබේ.

චීන ජාත්‍යන්තර සේවා වෙළඳ ප්‍රදර්ශනය චීනය ලෝකයට විවෘත කෙරෙන ප්‍රධාන ප්‍රදර්ශන වේදිකා තුනෙන් එකකි. සංග්‍රාහක රට ලෙස, මෙවර ප්‍රදර්ශනයට එක්වන එක්සත් අරාබි එමීර් රාජ්‍යය එම වේදිකාව ඔස්සේ චීන ආයෝජකයන්ට පුළුල් විවිධාංගීකරණ සහිත තම ආර්ථිකය ප්‍රදර්ශනය කිරීමට බලාපොරොත්තු වන බව චීනයේ එරට තානාපති කාර්යාලයේ ආර්ථික කටයුතු පිළිබඳ ප්‍රධානියා පැවසීය.

ඉකුත් දශකය තුළ චීනයේ සේවා වෙළඳ ආනයන සමස්ත වටිනාකම  ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 4 ඉක්මවා ඇත. සේවා වෙළඳ ක්ෂේත්‍රයේ ජාතික, ජාත්‍යන්තර සහ විස්තීර්ණ මහා පරිමාණ ප්‍රදර්ශනයක් ලෙස, චීන ජාත්‍යන්තර සේවා වෙළඳ ප්‍රදර්ශනය, ලොව පුරා සිටින සමාගම්වලට සර්ව සම්පූර්ණ අවස්ථා සපයා තිබීම ද කැපීපෙනේ.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම