ගෝලීය සන්දර්භය තුළ මතවාදීමය ‍පරස්පරතා පැවතිය ද රටක අභ්‍යන්තර කටයුතුවලට මැදිහත්වීමේ අයිතියක් නැහැ
2022-09-02 10:42:21
Share with:

ගෝලීය සන්දර්භය තුළ මතවාදීමය ‍පරස්පරතා පැවතිය ද රටක අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීමේ ප්‍රතිපත්තිය සෑමවිටම අනුගමනය කළ යුතු බව බියගම ප්‍රාදේශීය සභා මන්ත්‍රී අශෝක් හේමන්ත පනාවල මහතා පවසයි. ඇතැම් බටහිර රටවල් ආර්ථික මෙන්ම දේශපාලනික වශයෙන්ද තවත් වරෙක යුධමය වශයෙන් ද වෙනත් රටවලට මැදිහත් වන අයුරු දැකගත හැකිය. මෙය කිසිසේත් අනුමත කළ නොහැකිය. මෙහි පුදුමයට කරුණ නම් එවැනි බටහිර රටක යම් කරුණක් සම්බන්ධයෙන් වෙනත් රටක් සිදු කරන සුළු හෝ අදහස් දැක්වීමක දී පවා ඔවුන් කෝපයට පත්වීමය. එය ඔවුන්ට පිළිගත නොහැක. එහෙත් ඔවුන්ගේ අභිලාෂය තමන් සිදු කරන මැදිහත්වීම්වලට විරෝධය පළ නොකර සෙසු පාර්ශ්ව නිහඬව සිටීමය. මෙය කවරා‍කරයෙන් බැලුවද අසාධාරණ ක්‍රියාවකි. එවැනි කරණු සම්බන්ධයෙන් පැහැදිලි විරෝධයක් පළ කළ යුතු බව පනාවල මහතා පෙන්වා දෙයි. මූල්‍ය හෝ වෙනත් ශක්තීන් යොදා ගෙන සෙසු රටවල අභ්‍යන්තර තීරණයන්ට බලපෑම් කිරීමට ඔවුන්ට අයිතියක් නොමැත. එලෙස ඉඩ දීමෙන් ස්වෛරීත්ව අයිතිය තමන් විසින්ම හානිකර ගැනීමක් බව හෙතෙම පෙන්වා දෙයි. එමනිසා එවැනි අවස්ථාවක දී වහා ප්‍රතිචාර දැක්වීමේ අයිතිය සෑම රටකටම හිමි බව ද පනාවල මහතා කියා සිටී.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම