අර්ධ සන්නායක ආශ්‍රිත භාණ්ඩ අපනයනය කිරීමේ සීමා පැනවීම සම්බන්ධයෙන් ඇමරිකාවට චීනයේ දැඩි විරෝධය
2022-09-02 10:03:33
Share with:

අර්ධ සන්නායක ආශ්‍රිත භාණ්ඩ චීනයට අපනයනය කිරීම සම්බන්ධයෙන් ඇමරිකාව පනවා ඇති සීමා පිළිබඳව චීනය දැඩි ‍විරෝධතාව පළ කරයි.

ඇමරිකාවේ චිප් නිර්මාණ සමාගමක් වන NVIDIA හි නිපැයෙන, කෘත්‍රිම බුද්ධිය ප්‍රවර්ධනය කරන නවතම ප්‍රධාන GPU චිප් ප්‍රභේද වන A100 හා H100 චීනයට අපනයනය කිරීමට ඇමරිකානු රජය සීමා පනවා ඇති බව, එම සමාගම පසුගිය අගෝස්තු 31 වැනිදා පැවසීය. ඒ පිළිබඳව චීන වාණිජ අමාත්‍යංශ ප්‍රකාශිකා Shu Jueting මහත්මිය ඊයේ (1) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී පැවසුවේ, ඇමරිකාව දිගුකලක් තිස්සේ ඊනියා අපනයන පාලනයන් භාවිත කර චීනයට අර්ධ සන්නායක භාණ්ඩ අපනයනය කිරීමට පනවන සීමා කෙරෙහි චීනය තරයේ විරුද්ධ වන බවයි‍.

ඇමරිකාවේ ක්‍රියාව, සාධාරණ තරඟකාරී මූලධර්මය හා ජාත්‍යන්තර වෙළඳ නීතිය උල්ලංඝනය කිරීමක් බවත්, එය ‍‍ලෝක කාර්මික දාමය, සැපයුම් දාමය හා ආර්ථික පැවැත්මට හානි කිරීමක් බවත් ඇය පෙන්වා දුන්නාය. ඇමරිකාව සිය වැරදි ක්‍රියා නතර කර, චීනය ඇතුළු විවිධ රටවල සමාගම් කෙරෙහි සාධාරණ ලෙස සැලකිය යුතු බව ද Shu Jueting මහත්මිය අවධාරණය කළාය.


ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම