පාකිස්ථානයේ Balochistan පළාතේ ගංවතුර ආපදා සහන උදෙසා චීන සමාගම් වෙතින් මූල්‍යාධාර
2022-09-02 11:20:04
Share with:

චීන සමාගම්, පාකිස්ථානයේ Balochistan පළාතේ ගංවතුර ආපදාව වෙනුවෙන් මූල්‍යාධාර පිරිනමයි.

පාකිස්ථානයේ Balochistan පළාතට බලපෑ ගංවතුර ආපදාවට මුහුණදීම සඳහා එ‍රට චීන සමාගම් පරිත්‍යාග කළ මූල්‍යාධාර ප්‍රදානය කිරීමේ උළෙල ඊයේ(1) Karachi නගරයේ පැවැත්විණ. Karachi නගරයේ චීන කොන්සල් ජනරාල් Li Bijian මහතා එහිදී පැවසුවේ, පාකිස්ථානයේ ගංවතුර ආපදාව සිදුවීමෙන් පසු චීන රජය හා එරට ක්‍රියාත්මක චීන සමාගම් වහා ක්‍රියාත්මක වී අදාළ සහනාධාර සපයමින් සිටින බවයි. පාකිස්ථාන ජනතාව කඩිනමින් යථා තත්ත්වයට පත් කරනු හැකිවෙතැයි Li Bijian මහතා අපේක්ෂා පළ කළේය.

Balochistan පළාතේ ආපදා පාලන දෙපාර්තමේන්තුවේ ප්‍රධානී Faisal Naseem මහතා පාකිස්ථානයට ප්‍රබල සහයක් ලබා දීම සම්බන්ධයෙන් එහිදී චීන රජයට හා ජනතාව අවංක ස්තුතිය පළ කළේය.  දුෂ්කරතාවන්ට එක්ව මුහුණදීමේ සැබෑ චීන මිතුදම මින් පිළිබිඹු වන බව Faisal Naseem මහතා කියා සිටියේය.

පාකිස්ථාන ජාතික ආපදා පාලන දෙපාර්තමේන්තුවේ වාර්තා අනුව පසුගිය ජූනි මාසයේ සිට දැඩි වර්ෂාව හේතුවෙන් එරට සිදු වූ විවිධ ආපදා හේතුවෙන් පුද්ගලයන් 1191 දෙනෙකු මිය ගොස් ඇත. Balochistan පළාතේ 253 දෙනෙකු ද එහිදී මිය ගිය අතර, 164 දෙනෙක් තුවාල ලැබූහ.


ගුවන් විදුලිය
20240420සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම