සේවා වෙළඳාමේ තිරසර වර්ධනය උදෙසා ක්‍රියාකිරීම තම අපේක්ෂාව බව චීනය කියයි
2022-09-02 19:56:28
Share with:

සේවා වෙළඳාමේ තිරසර වර්ධනය ඉදිරියට මෙහෙයවීම සඳහා විවිධ පාර්ශ්ව සමග එක්ව පොදු ප්‍රයත්න දැරීමට තම රට කැමති බව චීනය පවසයි.

චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Zhao Lijian මහතා අද(02) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී මේ බව පැවසුවේ, චීනය ජාත්‍යන්තර සේවා වෙළඳ ප්‍රදර්ශනය පැවැත්වීමේ වැදගත්කම පිළිබඳව අදහස් දක්වමිනි.

ඔහු පැවසුවේ, ජාත්‍යන්තර සේවා වෙළඳ ප්‍රදර්ශනය ගෝලීය සේවා වෙළඳ ක්ෂේත්‍රයේ විශාලතම පරිමාණයෙන් යුත් විස්තීර්ණ ප්‍රදර්ශනයක් වී ඇති බවයි. විවිධ රටවල්, චීනය සමග සේවා වෙළඳාම, ආයෝජන හා සහයෝගිතා පැවැත්වීම සඳහා ප්‍රශස්ත වේදිකාවක්  මෙමගින් සපයා ඇති බව ද Zhao Lijian මහතා පැවසීය.

2022 චීන ජාත්‍යන්තර සේවා වෙළඳ ප්‍රදර්ශනය ඉකුත් 31වැනි දා සිට ලබන 05 වැනිදා දක්වා බෙයිජිං හිදී පැවැත්වෙයි.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම