ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය වෙනුවෙන් තම රට උපරිම සහයෝගය ලබා දී ඇතැයි චීනය කියයි
2022-09-02 17:25:24
Share with:

ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය වෙනුවෙන් තම රට උපරිම සහයෝගය ලබා දී ඇති බව චීනය පවසයි.

චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Zhao Lijian මහතා අද(02) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී මේ බව පැවසුවේ, ශ්‍රී ලංකාවේ ණය අර්බුදය පිළිබඳව නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.

ඔහු පවසන්නේ ශ්‍රී ලංකාවේ වත්මන් අසීරුතා සහ අභියෝග චීනයේ ඉහළ අවධානයට ලක් වී ඇති බවයි. අදාළ මූල්‍ය ආයතන හා ශ්‍රී ලංකාව සමග එක්ව සාකච්ඡා මාර්ගවලින් නිසි පිළියම් සෙවීමට චීනය සහයෝගය ලබා දෙයි. අදාළ රටවල් හා ජාත්‍යන්තර මූල්‍ය ආයතන සමග එක්ව, ශ්‍රී ලංකවේ වත්මන් දුෂ්කරතාවන් පිටුදැක, එරට තිරසර සංවර්ධනය සාක්ෂාත් කරගැනීම සඳහා සක්‍රිය කාර්යභාරයක් ඉටු කිරීමට චීනය අපේක්ෂා කරන බව ද විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Zhao Lijian මහතා වැඩිදුරටත් සඳහන් කර තිබේ.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම