චීනය ඉදිරිපත් කළ අප්‍රිකාවේ ධාරිතා ශක්තිමත් කිරීම පිළිබඳ ජනාධිපති ප්‍රකාශය ජගත් ආරක්ෂක මණ්ඩලය සම්මත කරයි
2022-09-01 19:21:10
Share with:

චීනය ඉදිරිපත් කළ, අප්‍රිකාවේ ධාරිතා ගොඩනැගීම ශක්තිමත් කිරීම පිළිබඳ ජනාධිපති ප්‍රකාශය, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය සම්මත කරයි. ඊයේ(31) පැවති සමුළුවකදී මෙම ප්‍රකාශය ඒකමතික ව සම්මත කෙරිණ.

අප්‍රිකාවේ ධාරිතා ගොඩනැගීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ සම්මත වූ පළමු ලේඛනය මෙයයි.

චීනය යෝජනා කළ, "අප්‍රිකානු සාමය සහ ආරක්ෂාව: ධාරිතාව ගොඩනැගීම ශක්තිමත් කරමින් සදාකාලික සාමය ඉටුකිරීම" යන තේමාවෙයන් යුතු එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ විවෘත විවාදය, පසුගිය අගෝස්තු 8වැනිදා පැවැත්විණ.

මෙම විවෘත විවාදයට පදනමක් ලෙස, චීනයේ ජනාධිපති ප්‍රකාශය මගින් පැහැදිලි පියවර හා නිර්දේශ ඉදිරිපත් කරනු ලැබීය.

අප්‍රිකාවේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම, කාර්මීකරණය වේගවත් කිරීම, දුප්පත්කම තුරන් කිරීම සහ රැකියා ප්‍රවර්ධනය යන ක්ෂේත්‍රයන්ට සහාය වන අතර, එම රටවල නීතියේ ආධිපත්‍යය වැඩිදියුණු කිරීමට ද දායකත්වය ලබා දෙන බව, ජනාධිපති ප්‍රකාශය මගින් යෝජනා කර ඇත.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සියලුම පාර්ශ්ව, විශේෂයෙන්ම අප්‍රිකානු සාමාජිකයෝ, චීනය ඉදිරිපත් කළ ජනාධිපති ප්‍රකාශය  ධනාත්මකව අගය කළහ.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම