ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 2.9ක විස්තීර්ණ අරමුදල් පහසුකම් අනුමත කරයි
2022-09-01 16:34:12
Share with:

ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මාණ්ඩලික මට්ටමේ එකඟතාවයකට පැමිණෙයි. එම අරමුදල නිවේදනය කළේ, ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 2.9 ක විස්තීර්ණ අරමුදල් පහසුකම් ඉදිරියේ දී ලබාදෙන බවයි.

එම පහසුකම මාස 48 ක් සඳහා ක්‍රියාවට නැංවෙනු ඇත. සාර්ව ආර්ථික ස්ථාවරත්වය සහ ණය තිරසර භාවය ප්‍රතිස්ථාපනය, මූල්‍ය ස්ථාවරත්වය ආරක්‍ෂා කිරීම හා මෙරට ආර්ථි‍කයේ වර්ධන විභවය නැංවීම සඳහා ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ මේ  යටතේ සිදුකිරීමට නියමිතය.

ණය තිරසර බව සහතික කිරීම සහ මූල්‍ය පරතරය පියවීම සඳහා ණය හිමියන්ගෙන් සහන මෙන්ම බහුපාර්ශ්වික හවුල්කරුවන්ගේ සහය ද අවශ්‍ය වනු ඇත.           

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම