ඊනියා ‘ චීන තර්ජනයක් ’ හුවාදැක්වීමෙන් ජපානය ලොවට අනතුරුදායක සංඥාවක් නිකුත් කර ඇතැයි චීනය කියයි
2022-09-01 19:22:35
Share with:

ඊනියා ‘ චීන තර්ජනයක් ’ හුවාදැක්වීමෙන් ජපානය ලෝකයට අනතුරුදායක සංඥාවක් නිකුත් කර ඇති බව චීනය පවසයි.

චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Wang Wenbin මහතා අද(01) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී මේ බව ප්‍රකාශ කළේ ය.

ඊනියා ‘ චීන තර්ජනය ’ට මුහුණ දීම සඳහා ජපානය කෲස් මිසයිල ඇතුළු අවිආයුධ පර්යේෂණය කිරීමට පියවර ගන්නා බව එරට ජාතිකාරක්ෂක අමාත්‍යංශය විසින් ඊයේ(01) ඉදිරිපත් කෙරුණු වාර්ෂික අයවැය ලේඛනයේ දැක්වෙයි.

මේ පිළිබඳව Wang Wenbin මහතා පැවසුවේ, ජපානය බොහෝ අවස්ථාවලදී ‘ චීන තර්ජනය ’ ඉස්මතු කිරීම මගින්, දෙවැනි ලෝක යුද්ධයෙන් පසු ගොඩ නගා ඇති ජාත්‍යන්තර පටිපාටිය විනාශ කිරීමට දරන ප්‍රයත්නය පිළිබිඹු වන බවයි. සිය අසල්වැසි ආසියානු රටවල් පිළිබඳ ඓතිහාසික වගකීමක් දැරිය යුතු රටක් ලෙස, ජපානය සිය ආක්‍රමණික ඉතිහාසය සිහියේ තබාගෙන, වැරදි ක්‍රියාවන් හැකි ඉක්මණින් ම නතර කළ යුතු බව ද චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශකයා කියා සිටී.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම