සැමෝවාවේ රාජ්‍යනායක ධුරයට යළි තේරී පත්වූ Tuimaleali‘ifano Va’aletoa Sualauvi මහතාට චීන ජනපතිගෙන් සුබ පැතුම්
2022-09-01 17:00:42
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සැමෝවා හි රාජ්‍යනායක ධුරයට යළි තේරී පත්ව සිටින දෙවැනි Tuimaleali‘ifano Va’aletoa Sualauvi මහතාට සුබ පැතුම් පිරිනමයි. ජනාධිපතිවරයා පසුගිය 30වැනි දා එම පණිවිඩය යොමු කර තිබේ.

චීනය හා සැමෝවාව, අන්‍යෝන්‍ය ගරුත්වය මත පොදු සංවර්ධනයේ නිරත පූර්ණ උපායමාර්ගික හවුල්කරුවන් බව ෂී ජින් පිං මහතා පෙන්වා දෙයි. දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතාව මේ වනවිට ප්‍රශස්ත අයුරෙන් වර්ධනය වී ඇත. එම සබඳතාව වැදගත් කොට සලකමින්, Tuimaleali‘ifano රාජ්‍ය නායකයා සමග එක්ව දෙරට දේශපාලනික විශ්වසනීයත්වය තහවුරු කිරීම ෂී ජින් පිං මහතාගේ අපේක්ෂාවයි. එමෙන් ම,  විවිධ ක්ෂේත්‍රවල මිත්‍රශීලී අදහස් හුවමාරුව හා සහයෝගිතා පුළුල් කරමින් දෙරටේ ජනතාවට සුබ සෙත සැලසීමට ද තමා කැමති බව චීන ජනාධිපතිවරයා සිය සුබ පැතුම් පණිවිඩයෙන් සඳහන් කර තිබේ.

ගුවන් විදුලිය
20240417බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම