චීන ජාත්‍යන්තර සේවා වෙළඳ ප්‍රදර්ශනයට චීන ජනපතිගෙන් සුබ පැතුම්
2022-09-01 08:31:57
Share with:

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා චීන ජාත්‍යන්තර සේවා වෙළඳ ප්‍රදර්ශනයට සුබ පැතුම් පිරිනමයි.

 චීන ජාත්‍යන්තර සේවා වෙළඳ ප්‍රදර්ශනය, චීනයේ විවෘතභාවය හා සහයෝගතා පුළුල් කර නවෝත්පාදනය ඉදිරියට මෙහෙයවීමේ වැදගත් වේදිකාවක් බවත් එය ගෝලීය සේවා කර්මාන්තය හා සේවා වෙළඳාම වෙනුවෙන් සක්‍රීය මෙහෙවරක් ඉටු කර ඇති බවත් චීන ජනාධිපතිවරයා නිකුත් කළ සුබ පැතුම් පණිවිඩයේ දැක්වේ. උසස් මට්ටමේ විවෘතභාවයෙන් උසස් ගුණාංග සංවර්ධනය තවදුරටත් ප්‍රවර්ධනය කිරීමෙහි නිරත වන චීනය සේවා ක්ෂේත්‍රයේ වෙළඳපොලට ප්‍රවේශ වීමේ ප්‍රමිතීන් අඛණ්ඩව ලිහිල් කර ඇත. එමෙන්ම දේශසීමා මායිම් හරහා සේවා වෙළඳාමේ විවෘත මට්ටම ඉහල නංවමින් විවෘත වේදිකාවල කාර්යයන් ගවේෂණය කරමින් සේවා කර්මාන්තය විවෘත කිරීම පිළිබඳ ඉහල ප්‍රමිතීන් සහිත  පද්ධතිය ගොඩනැගීමෙහි නියැළී සිටින බව ද හෙතෙම පවසයි.

ලෝක ආර්ථික පුනර්ජීවනයට ශක්තිය එකතු කිරීම සඳහා, විවිධ රටවල් සමග එක්ව සැබෑ බහුපාර්ශ්වවාදයෙහි එල්බ සිටිමින් සහයෝගතා හා පොදු ප්‍රතිලාභ දිනා ගනිමින් පොදුවේ බෙදා ගන්නා, විවෘත සේවා ආර්ථිකය ප්‍රවර්ධනය කිරීමට චීනය කැමැත්තෙන් සිටින බව ද ෂී ජින්පිං මහතා අවධාරණය කර ඇත.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම