ඇමරිකාව ඇෆ්ගනිස්ථානයට වන්දි ගෙවිය යුතු බව සමීක්ෂණයකට එක්වූ අති බහුතර පිරිසක් පවසති
2022-09-01 10:10:38
Share with:

ඇමරිකාව ඇෆ්ගනිස්ථානයට වන්දි ගෙවිය යුතු අතර එරටින් සමාව ගත යුතු බව ජනමත විමසුමකින් හෙළිවෙයි.

ඇෆ්ගනිස්ථාන යුද්ධය අවසන් වී ඇමරිකා හමුදාව ඉවත් කර ගැනීමේ පළමු වන සංවත්සරය නිමිත්තෙන්, චීන මාධ්‍ය සමූහය සමාජ මාධ්‍ය වේදිකා ඔස්සේ ඇමරිකා හමුදාව ඇෆ්ගනිස්ථානයෙන් ඉවත් වීමේ පළමු සංවත්සරය සම්බන්ධ සමීක්ෂණයක් සිදු කළේය. එම සමීක්ෂණය ලෝකයේ “පෂ්ටො” භාෂාව කතා කරන පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් සිදු කෙරිණ. සමීක්ෂණයට එක් වූවන්ගෙන් සියය‍ට 99 කට වඩා වැඩි පිරිසක්,  ඇෆ්ගනිස්ථාන විදේශ වත්කම් අත්හිටුවීමට ඇමරිකාවට අයිතියක් නොමැති බව ප්‍රකාශ කළහ. බොහෝ ඇෆ්ගනිස්ථාන ජාතිකයෝ ඇමරිකාව සිදු කළ අපරාධ හෙළා දකිති.

එමෙන්ම සියයට 98ක පිරිසකගේ මතය වී ඇත්තේ ඇමරිකාව ඇෆ්ගනිස්ථාන ජනතාවගේ වත්කම් ආපසු ලබා දිය යුතු බවයි. සියයට 85ක පිරිසක් විශ්වාස කරන්නේ යුද්ධය අවසන් වී වසරකින් පසු ඇෆ්ගනිස්ථානයේ ආර්ථික හා සමාජීය තත්ත්වය යහපත් වී නොමැති බවයි.

“ඇමරිකාව මංකොල්ලකාරයෙක්” යැයි වැනි පණිවිඩ ඇෆ්ගනිස්ථාන ජාතිකයන් දහස් ගණනක් සමාජ වේදිකාවේ ලියා ඇත. ඇමරිකාව ඇෆ්ගනිස්ථානයට එරෙහිව යුද අපරාධ සිදු කිරීම පමණක් නොව ඇෆ්ගනිස්ථානයේ වත්කම් අත්හිටුවා ඇති අතර එය සම්පූර්ණයෙන්ම කොල්ලකෑමක් බව ඔවුහූ විශ්වාස කරති.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම