රාජ්‍ය සේවකයන් විශ්‍රාම ගැන්වීමේ වයස 60 දක්වා පහළට
2022-08-31 19:30:56
Share with:

රාජ්‍ය අංශයේ සේවකයන් අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 60 දක්වා අඩු කිරීමට අතුරු අයවැයෙන් යෝජනා කෙරේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, අතුරු අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් ඊයේ (30) මේ බව ප්‍රකාශ කළේය.

රාජ්‍ය අංශයේ සේවකයන් අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 65 දක්වා වැඩි කිරීම හේතුවෙන් සමාජයේ රැකියා විරහිත තරුණයන්ගේ අසහනකාරී තත්ත්වය වැඩිවී ඇති බවක් නිරීක්ෂණය වන බැවින් රජය මෙම තීරණය ගත් බව ජනාධිපතිවරයා පැවසීය.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම