සෝවියට් සංගමයේ අවසාන නායක Mikhail Sergeyevich Gorbachev මහතා අභාවප්‍රාප්ත වෙයි
2022-08-31 09:20:27
Share with:

සෝවියට් සංගමයේ අවසාන නායකයා වන Mikhail Sergeyevich Gorbachev මහතා අභාවප්‍රාප්ත වෙයි.

රෝගී තත්ත්වයකින් පසුව හෙතෙම ඊයේ(30) අභාවප්‍රාප්ත විය. මිය යන විට හෙතෙම 91 වියෙහි පසු වූ බව රුසියාවේ Rossiya Segodnya ප්‍රවෘත්ති ඒජන්සිය ඊයේ වාර්තා කළේ ය.

Mikhail Sergeyevich Gorbachev මහතා 1931 වසරේ මාර්තු 2වැනි දා උපත ලැබීය. 1985 වසරේ මාර්තු මාසයේ සිට හෙතෙම සෝවියට් සංගමයේ කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ මහ ලේකම් ධුරය හෙබවීය. 1989 වසරේ මැයි මාසයේ සිට 1990 වසරේ මාර්තු මාසය දක්වා උත්තරීතර සෝවියට් සමාජවාදී ජනරජයේ සභාපතිවරයා ලෙස ඔහු කටයුතු කර තිබේ. 1990 වසරේ මාර්තු මාසයේ සිට, සෝවියට් සංගමයේ පළමුවැනි මෙන් ම අවසාන ජනාධිපති ධුරය හෙබවූ ඔහු, 1991 වසරේ සෝවියට් සංගමය බිඳවැටීමෙන් පසු සමාජයීය හා සාහිත්‍ය මෙහෙයුම් වල නිරත ව සිටියේ ය.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම