2023 වසරේ සිට ඇමරිකාව COVID-19 එන්නත් බෙදා හැරීම වාණිජ වෙළපොලට පවරයි
2022-08-31 09:08:13
Share with:

2023 වසරේ ජනවාරි මාසයේ සිට ඇමරිකානු රජය COVID-19 එන්නත් බෙදා හැරීම වාණිජ වෙළඳපොළට මාරු කිරීමට අපේක්ෂා කරයි. ඇමරිකානු සෞඛ්‍ය හා මානව සේවා දෙපාර්තමේන්තුවේ සහකාර ලේකම් Dawn O’Connell මහතා ඊයේ (30) මේ බව ප්‍රකාශ කළේය.

එන්නත් මිලදී ගැනීමට හෝ බෙදා හැරීමට හෝ ෆෙඩරල් අරමුදල් තවදුරටත් නොමැති අතර, සෘතුමය උණ හෝ වෙනත් වාණිජමය වශයෙන් ලබා ගත හැකි එන්නත් වලට සමානව COVID-19 එන්නත් බෙදා හැරීම වාණිජ වෙළඳපොළට මාරු කිරීමට සිදුවනු ඇතැයි හෙතෙම පැවසීය. එහෙත්, ඇමරිකානු මාධ්‍ය පෙන්වා දුන්නේ මෙම පියවර මගින් රක්ෂණයක් නොමැති පුද්ගලයින්ට තවදුරටත් අභියෝගවලට මුහුණ දීමට සිදු විය හැකි බවයි.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම