ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකා රජය මූලික ගිවිසුමකට එළඹෙයි
2022-08-31 19:30:03
Share with:

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකා රජය, ණය පහසුකම් පිළිබඳ මූලික ගිවිසුමට එළඹෙයි.  අද (31) එළඹුණු ගිවිසුම අනුව, හදිසි ණය මුදල් ලබාගැනීමේ මූලික ක්‍රියාවලිය සඳහා අවශ්‍ය පසුබිම සකස් වී තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායම ප්‍රථමයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග සාකච්ඡා පැවැත්වීය. ඔවුන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමගද ඊයේ (30) සාකච්ඡා පවත්වා ඇත.

ජාත්‍යන්තර මූල්‍ය  අරමුදලේ ණය සහන පැකේජය ලබා ගැනීමට අවශ්‍ය ඉඩකඩ මෙම ගිවිසුම මගින් ශ්‍රී ලංකා රජයට හිමිවන බව රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබේ.

ගුවන් විදුලිය
20240420සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම