2022 චීන ජාත්‍යන්තර සේවා කර්මාන්ත වෙළඳ ප්‍රදර්ශනයේ සමාරම්භය අද
2022-08-31 09:06:42
Share with:

2022  චීන ජාත්‍යන්තර සේවා කර්මාන්ත වෙළඳ ප්‍රදර්ශනය ඇරඹේ.

2022 චීන ජාත්‍යන්තර සේවා කර්මාන්ත වෙළඳ ප්‍රදර්ශනය අද(31) බෙයිජිංහිදී ආරම්භ කෙරේ. දින හයක් පුරා පැවැත්වෙන එම ප්‍රදර්ශනයේ සියළු සූදානම් කටයුතු සම්පූර්ණයෙන් අවසන් කර ඇත. ප්‍රදර්ශන වේදිකා ඉදිකිරීම් සම්පූර්ණ කර ඇති අතර අදාළ ප්‍රදර්ශන භාණ්ඩ සැකසීම ද නිම කර තිබේ.ගෝලීය සේවා කර්මාන්තයේ වඩා වැඩි නව නිෂ්පාදන, තාක්ෂණ, භාවිත පරිසර හා යෙදුම් මෙම වසරේ ප්‍රදර්ශනයේදී දැකගත හැකිවනු ඇති බව වාර්තා වේ.

2022 වසරේ ගෝලීය සේවා කර්මාන්ත වෙළඳ ප්‍රධානීන්ගේ සමුළුව අද රාත්‍රියේ චීන ජාතික සම්මන්ත්‍රණ මධ්‍යස්ථානයේදී පැවැත්වීමට නියමිතය.ඉන් 2022 වසරේ චීන ජාත්‍යන්තර සේවා කර්මාන්ත වෙළඳ ප්‍රදර්ශනය නිල වශයෙන් ආරම්භ කිරීම සනිටුහන් වනු ඇත.‍‍‍

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම