වයස 18ට වැඩි සියලුදෙනා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කෙරේ
2022-08-30 20:18:41
Share with:

වයස අවුරුදු 18 ට වැඩි සියලු පුද්ගලයන් අනිවාර්යයෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කිරීමේ නව ක්‍රමවේදයක් හඳුන්වාදෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. බදු එකතු කිරීමේ කාර්යක්ෂමතාව නැංවීම මෙහි අරමුණයි.

ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ, බදු අනුකූලතාවය වැඩිකිරීමටත්, බදු ගෙවීම පැහැරහැරීම වැළැක්වීමටත් බදු පරිපාලනය මගින් ප්‍රධාන කාර්යයක් ඉටුකළ යුතු බවයි.

ඒ අනුව වාර්ෂික ආදායම හෝ බදු නිදහස් සීමා නොසලකා මෙම තීරණය ගත් බවද හෙතෙම පැවසීය. මුදල් අමාත්‍යවරයා ලෙස අතුරු අයවැය යෝජනා ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා  මේ බව පැවසුවේ අද (30) පාර්ලිමේන්තුවේදී ය.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම