ශ්‍රී ලංකාවට දිය හැකි සහාය පිළිබඳ ඇමරිකානු තානාපතිනියගෙන් ට්විටර් පණිවුඩයක්
2022-08-30 20:16:05
Share with:

ශ්‍රී ලංකාව සහ ඇමරිකානු ව්‍යාපාර අතර සහයෝගිතාව වැඩිකරගත හැකි ආකාරය සම්බන්ධයෙන් ඇමරිකා - ශ්‍රී ලංකා ව්‍යාපාරික කවුන්සිලය සමඟ සාකච්ඡා කළ බව ඇමෙරිකානු තානාපතිනි ජූලි චන්ග් මහත්මිය පවසයි. ඇය තැබූ ට්විටර් පණිවුඩයක මේ බව දැක්වේ.

තානාපතිනිය පවසන්නේ, මේ වනවිටත් ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 180,000කට පමණ දෙරට අතර වෙළෙඳාමෙන් සහයෝගයක් හිමිවන බවයි. ඇමරිකාවට භාණ්ඩ අපනයනයෙන් ශ්‍රී ලංකා ආර්ථිකයට බිලියන ගණනක දායකත්වයක් ලැබෙන බවද ඇය කියාසිටී.

එසේම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සිදුකෙරෙන සාකච්ඡා පිළිබඳව දෙරට අතර යම් එකඟතාවක් ඇතිකරගත හැකිවුවහොත්, තවදුරටත් සහාය දැක්විය හැකි බව ද ඇමෙරිකානු තානාපතිනිය ප්‍රකාශ කරයි.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම