ඇමරිකානු හමුදාවේ ඛනිජ තෙල් සොරාගැනීම් හේතුවෙන් සිරියාවේ තෙල් හා ගෑස් කර්මාන්තයට දැඩි අලාභ
2022-08-30 10:22:20
Share with:

ඇමරිකානු හමුදාව විසින් ඊසානදිග සිරියාවෙන් සොරකම් කරන ලද ඛනිජ තෙල්, සිරියාව සහ ඉරාකය අතර දේශසීමා ප්‍රදේශය‍ට රැගෙන ගොස් ඇතැයි සිරියානු ප්‍රවෘත්ති ඒජන්සිය පවසයි. මේ බව ඊයේ (29) වාර්තා කෙරිණ. සිරියාවෙන් සොරකම් කෙරුණු ඛනිජ තෙල් ඉරාකයේ ඇමරිකානු හමුදා කඳවුරු වෙත ගෙනයාම සඳහා ඔවුන්ගේ හමුදා බවුසර් රථ 123 ක් භාවිත කර ඇත.

සිරියානු ඛනිජ තෙල් හා ඛනිජ සම්පත් අමාත්‍යාංශයේ සංඛ්‍යාලේඛනවලට අනුව, 2011 සිට මේ වසරේ මැද භාගය වනවිට, සිරියාවේ නීතිවිරෝධී ලෙස රැඳී සිටින ඇමරිකානු හමුදාව සහ ඔවුන්ගේ සහාය ඇති සන්නද්ධ හමුදාවන්ගේ නීතිවිරෝධී තෙල් නිස්සාරණය සහ වෙළඳාම සිරියාවේ තෙල් හා ගෑස් කර්මාන්තයට ඇමරිකානු ඩොලර් බිලියන 107.1 ක සෘජු හා වක්‍ර අලාභයක් සිදුකර ඇත.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම