සිරියාවේ ස්වාධිපත්‍යය සහ භෞමික අඛණ්ඩතාව උල්ලංඝනය නතර කරන්නැයි චීනය ඉල්ලයි
2022-08-30 12:53:20
Share with:

සිරියානු ස්වාධිපත්‍යය සහ භෞමික අඛණ්ඩතාව උල්ලංඝනය කිරීම නතර කරන්නැයි, එක්සත් ජාතීන්ගේ චීන නියෝජිතයා ඉල්ලා සිටී.

එක්සත් ජාතීන්ගේ ආරක්‍ෂක මණ්ඩලයේ ඊයේ(29) පැවති, සිරියානු දේශපාලන සහ මානුෂීය ප්‍රශ්න පිළිබඳ විවෘත රැස්වීමේදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ චීන ස්ථාවර නියෝජිත Zhang Jun මහතා දේශනයක් සිදු කරමින් මේ බව පවසා ඇත. සිරියාව තුළ විදේශ හමුදා නීතිවිරෝධීව රැඳී සිටීම හා නීතිවිරෝධී හමුදා මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම නතර කරන ලෙසත්, සිරියානු ස්වාධිපත්‍යය සහ භෞමික අඛණ්ඩතාව උල්ලංඝනය කිරීම නතර කරන ලෙසත් හෙතෙම එහිදී අදාළ රටවලින් ඉල්ලා සිටියේය.

පසුගිය දා ඇමරිකාව නැගෙනහිර සිරියාවේ ක්‍රියාත්මක කළ හමුදා මෙහෙයුම් සිරියාවේ ස්වාධිපත්‍යය සහ භෞමික අඛණ්ඩතාව උල්ලංඝනය කළ අතර, එය එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ 51 වැනි වගන්තියේ දක්වා ඇති ආත්මාරක්ෂා අයිතිය හා කිසිදු සම්බන්ධයක් නොමැති බව හෙතෙම පෙන්වාදෙයි. දිගුකාලීනව පනවා ඇති ඒකපාර්ශ්වික සම්බාධක සිරියාවේ ආර්ථික පුනරුත්ථාපන ක්‍රියාමාර්ගයන්ට දැඩි බලපෑම් එල්ලකර ඇත. කොල්ලකෑම මගින් සිරියාවේ වැදගත් සම්පත් උදුරා ගැනීම නිසා සිරියානු ජනතාවට ගණනය කළ නොහැකි හානි සිදු වූ බව ද Zhang Jun මහතා සඳහන් කළේය. සිරියාවට එරෙහි ඒකපාර්ශ්වික සම්බාධක සහ සම්පත් කොල්ලකෑම නතර කළ යුතු බවද හෙතෙම අවධාරණය කළේය.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම