පාකිස්ථානයේ ගංවතුරින් විපතට පත්වූවන්ට චීනයෙන් කඩිනම් සහනාධාර
2022-08-30 19:27:06
Share with:

පාකිස්ථානයේ ගංවතුරින් විපතට පත්වූවන්ගේ තත්ත්වය පිළිබඳව දැඩිව සැලකිලිමත් වන බව චීනය පවසයි.

චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Zhao Lijian මහතා අද(30) පැවති මාධ්‍ය හමුවකදී පැවසුවේ පාකිස්ථානයේ ගංවතුර ආපදාව සිදුවීමෙන් පසු චීනය අඛණ්ඩව පාකිස්ථාන ජනතාවගේ ආරක්ෂාව පිළිබඳ සැලකිලිමත් වන බවයි. එසේම, පාකිස්ථානය මුහුණ දෙන අසීරුතා චීනයට එලෙසින්ම දැනෙන බව ද ඔහු පැවසීය.

චීන ගුවන් හමුදාව විසින් කූඩාරම් 3000ක් ඇතුළු හදිසි සහනාධාර ද්‍රව්‍ය සහිත යානය අද(30) පාකිස්ථානය වෙත පිටත් කර යවනු ලැබීය. චීනය හා පාකිස්ථානය දිගුකාලීනව දුෂ්කරතා එක්ව ජයගනිමින්, අන්‍යෝන්‍ය වශයෙන් සහය ලබා දී පොදු අභියෝගවලට ප්‍රතිචාර දක්වා ඇත. චීනය අඛණ්ඩව පාකිස්ථානයට අවශ්‍ය හදිසි සහය සපයමින් සහනාධාර ලබාදෙන බව ද Zhao Lijian මහතා කියාසිටියේය.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම