ප්‍රතිපත්තිමය තීරණ ගැනීම සඳහා සියලු පක්ෂ ඇතුළත් ජාතික සභාවක් පිහිටුවීමට සැලසුම්
2022-08-30 20:17:01
Share with:

පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂවලින් සමන්විත ජාතික සභාවක් පිහිටුවීම සඳහා වන මූලික කෙටුම්පතක් අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පක්ෂ නායකයන්ට ඉදිරිපත් කරයි. පාර්ලිමේන්තු සංකීර්ණයේ ඊයේ  (29) පැවති පක්ෂ නායක රැස්වීමේදී එය ඉදිරිපත් කෙරිණ.

පොදු එකඟතාවකින් යුතුව ප්‍රතිපත්තිමය තීරණ ගැනීමට මගපෙන්වීම මෙම ජාතික සභාවේ අරමුණ විය යුතු බව එහිදී අවධාරණය කරනු ලැබීය.

පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණ කාරක සභා පිහිටුවීම සම්බන්ධයෙන් රජයේ යෝජනාව පිළිබඳව ද එහිදී සාකච්ඡා කෙරිණ. නව ජාතික සභාව හා ආංශික අධික්ෂණ කාරක සභා පිළිබඳ වැඩිදියුණු කළ නව කෙටුම්පත අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් ලබන 2 වැනිදා පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම