ඉරාන න්‍යෂ්ටික ගැටළුව පිළිබඳ පූර්ණ ගිවිසුම යළි ක්‍රියාත්මක කිරීමේ සාකච්ඡා වලින් එකඟතාවකට එළඹීමට නම්, ඊට සමගාමීව න්‍යෂ්ටික ආරක්ෂක ගැටළුව විසඳිය යුතු බව ඉරාන ජනපති කියයි
2022-08-30 11:14:48
Share with:

ඉරාන න්‍යෂ්ටික ගැටළුව පිළිබඳ පූර්ණ ගිවිසුම යළි ක්‍රියාත්මක කිරීමේ සාකච්ඡා වලින් එකඟතාවකට එළඹීමට නම්, ඊට සමගාමීව න්‍යෂ්ටික ආරක්ෂක ගැටළුව විසඳිය යුතු බව ඉරාන ජනාධිපතිවරයා පවසයි.

එරට ජනාධිපති Seyed Ebrahim Raisi මහතා ඊයේ(29) පැවති මාධ්‍ය හමුවකදී මේ බව සඳහන් කළේ ය.

හෙතෙම පැවසුවේ ඉරානය සාකච්ඡා මේසයෙන් කිසිදාක බැහැර වී නොමැති බවයි. ඇමරිකාව ඉරානයට එරෙහිව එල්ල කර ඇති බලහත්කාර සම්බාධක අනිවාර්යයෙන් ම අහෝසි කළ යුතු ය. ඉරාන න්‍යෂ්ටික ගිවිසුමේ සඳහන් වන ප්‍රතිඥා බිඳ දැමූ රටවල් එම ප්‍රතිඥා යළි අනුගමනය කළ යුතු යැයි ද ඉරාන ජනාධිපතිවරයා පවසා ඇත.

න්‍යෂ්ටික අවිආයුධවලට ඉරානයේ ජාතිකාරක්ෂක උපායමාර්ගයේ ‘ස්ථානයක්’ හිමිනොවන බවත් රටේ ආධ්‍යාත්මික නායකයා න්‍යෂ්ටික අවිආයුධ හිමිකම් තහනම ප්‍රකාශයට පත් කර තිබෙන බවත් ඉරාන ජනාධිපතිවරයා කියා සිටියි. එහෙත්, ‘ න්‍යෂ්ටික කර්මාන්තය වර්ධනය කිරීම හා න්‍යෂ්ටික හැකියාවන් සාමකාමී ව ප්‍රයෝජනයට ගැනීම යනු ඉරානයේ අයිතිවාසිකමක් ’ බව ද ජනාධිපති Seyed Ebrahim Raisi මහතා වැඩිදුරටත් සඳහන් කර තිබේ.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම