චීනයේ ප්‍රමුඛතම සමාජ ජාලා යෙදවුමක් වන "දෝයින්" හී ශ්‍රී ලංකාවේ ජාතික නිල මණ්ඩපය ආරම්භ කෙරේ
2022-08-30 17:30:26
Share with:

චීනයේ ප්‍රමුඛතම සමාජ ජාලා යෙදවුමක් වන "දෝයින්" හී ශ්‍රී ලංකාවේ ජාතික නිල මණ්ඩපය ආරම්භ කෙරේ. ශ්‍රී ලංකාවේ සංස්කෘතිකාංග ප්‍රවර්ධනය මෙන්ම ශ්‍රී ලංකාවේ නිශ්පාදන චීන පාරිභෝගිකයන්ට හඳුන්වාදීම එමගින් සිදු කෙරේ. බෙයිජිං නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ චීන ශ්‍රී ලංකා ආර්ථික හා වෙළඳ සහයෝගතා සංගමය එක්ව මෙම මණ්ඩපය ක්‍රියාවට නංවයි.

මෙය දෙරට අතර බහු ආකාර සබඳතාවන්හී සුවිශේෂී අවස්ථාවක් බව චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොන මහතා සමාරම්භක අවස්ථාවට එක්වෙමින් සඳහන් කළේය.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම